පාස්කු ඉරිදා ප්‍රහාරය සහ රාජපක්ෂවරුන් අතර සම්බන්ධයක් ඇති බවට සැක මතුවන්නේ ප්‍රහාරයට පෙර සිදු වූ ඇතැම් සිදුවීම් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කෙළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේ ඊයේ පැවැති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් හඳුනා ගෙන දඬුවම් දෙන ලෙසත්, ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් අපි ඉල්ලා සිටිනවා. දේශප්‍රේමය, ආගම, ජාතිය මුල් කරගෙන බලයට පැමිණි අය ගැන සැකයක් තිබෙනවා. මේ අවස්ථාවේ චැනල් 4 ප්‍රශ්නයේදී මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන සැක මතු වෙනවා. අසාද් මවුලානාටත් චැනල් ෆෝ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා.ඔහු සහ පිල්ලෙයාන් අතර සම්බන්ධයක් තිබෙනවා.