ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීම් දහසේ ව්‍යාපෘතියට සමගාමීව, හෝමාගම කටුවාන මාර්ගයත්, හෝමාගම හයිලෙවල් මාර්ගයට සම්බන්ධ වන අතුරු මාර්ග රක්ෂිත ආශ්රිත ප්‍රදේශ ශ්‍රමදානයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්, හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී. එස්. කැකුළාවල මහතාගේ ප්‍රධානත්වයෙන් ක්ෂේත්රයේදී සිදු කෙරුණි.
Òවෙරළ, ගංගා, වනාන්තර, සහ වීථිවලින් අක්‍රමවත් ලෙස බැහැර කළ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේÓ තේමාව යටතේ හෝමාගම ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් ද ග්‍රාම නිලධාරීන් ද සමෘද්ධි නිලධාරීන් ද කටුවාන ප්‍රදේශවාසීහු ද ප්‍රසන්නපුර කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවෝ ද එම අවස්ථාවට සහභාගි වූහ.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුළාවල යන මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා කටුවාන ග්‍රාම නිලධාරි විසින් වැඩසටහන සංවිධානය කර තිබුණි.