ඇත්ගොව්වන්ට එන්. වී. කිව් (N.V.Q.) ලබාදීමට සූදානම් වන කාලයක පෙරේදා (20) රාත්‍රි පෙරහැරක රැගෙන යාමට සූදානම් වූ හස්තියකු භාරව සිටි ඇත් ගොව්වෙකු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් ඇඳුම් ද අන්දවා සිටි හස්තියෙකු පෙරහරෙන් ඉවත්කිරීමට කටයුතු කළ පුවතක් පාණදුර ගොරකාන ප්‍රදේශයෙන් වාර්තාවේ.
පාණදුර ගොරකාන කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරේ ගමන් කිරීමට නියමිතව සිටි මතුගම ප්‍රදේශයෙන් රැගෙන ආ හස්තියකු භාරව සිටි ඇත්ගොව්වා සමඟ හස්තියා මෙසේ පෙරහරෙන් ඉවත්කර තිබේ. ඇත්ගොව්වා මත්පැන් පානය කර සිටි බවට සැලවූ සංවිධායකයින් ඔහුට පෙරහරෙන් ඉවත්වන ලෙස දැනුම් දුන්නද, තමා මෙන්ම බීමත්ව සිටින කිහිප දෙනෙකු පෙරහරේ ගමන් කරන බැවින් ඉන් ඉවත්වීමට නොහැකි බවයි. එහෙත් හස්තීන් නිර්වින්දනය කිරීම සඳහා කැඳවා සිටි වෛද්‍යවරුන් විසින් කළ නිර්දේශ මත ඇත්ගොව්වා ඉවත් කිරීමට සංවිධායකයින් පියවර ගන්නා අයුරු දැක ගත හැකිවිය.