ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 13කට කඩුලු 6ක් දවාලූ කවිදු කෞශල්‍ය කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක් කඳාන දි මැසිනෝද් විද්‍යාලයට ගෙනදීමට වැඩි දායකත්වයක් දැක්වීය.
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාල පිල පන්දුවාර 30කදී ලකුණු 48කට දවාලීමට දි මැසිනෝද් පන්දු යවන්නන් සමත්වූහ. පසුගිය වර අනු ශූර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කොළඹ නාලන්දා විද්‍යාලය ලකුණු 101කින් පරාජයට පත් කළ අතර, යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය මෙවර තරග වාරයේ මෙතෙක් පැවැති තරග 5 න් තම සිව්වැනි ජය වාර්තා කළේය.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, බලපිටිය රේවත විද්‍යාලය, බලංගොඩ ආනන්ද මෛත්‍රිය විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙම තරග වලදී ජය වාර්තා කළහ.
බලංගොඩ ආනන්ද මෛත්‍රිය විද්‍යාලයේ රවිඳු කරුණාරත්න ද හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 13කට කඩුලු 6ක් දවාලීය.
මැසිනෝද් විද්‍යාලයට කඩුලු 10ක ජයක්
කොටහේන ශාන්ත බෙනඩික්ට් : 48 (පන්දුවාර 30) කවිඳු කෞෂල්‍ය 13/6, දනිඳු සෂ්මිත 0/3
දි මැසිනෝද්: 49/0 (පන්දුවාර 10.4) ජනිත් කරීන්ද්‍ර 32
රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 101ක ජයක්
රිච්මන්ඩ්: 210 (පන්දුවාර 48.4) චෙහාන් සුබසිංහ 77, ෂැරෝන් අභිෂේක් 47, මල්ෂ තරුපති 22, හසිත් රත්නායක 16/3, සජිත විතානගේ 35/3, සජිත විතානගේ 35/3, සදෙව් සමරසිංහ 35/2
කොළඹ නාලන්දා : 116 (පන්දුවාර 39) මනුප මන්මිත 34, සජිත විතානගේ 29, කවීෂ ඉඳුවර 17/4, යූරි කොත්තිගොඩ 8/2, මල්ෂ තරුපති 22/2
කටුගස්තොට සාන්ත අන්තෝනිට කඩුලු 6ක ජයක්
කුරුණෑගල සාන්ත ආනා : 169/9 (පන්දුවාර 50) කුෂාන් සුබසිංහ 67, මහිම කොටුවිල 32, චාරුක ඒකනායක 26/4, අංජන දිනෙත් 10/2
ශාන්ත අන්තෝනි: 170/4 (පන්දුවාර 33.5) ජනුක රත්නායක 57, චාරුක ඒකනායක 50, ඉඳුවර ගලපිටගේ 38, ගීතික ද සිල්වා 42/2
බලපිටිය රේවත විද්‍යාලයට කඩුලු 8ක ජයක්
කටුගස්තොට ශ්‍රී රාහුල : 69 (පන්දුවාර 26.4) මලිත් මිහිරංග 10/3, අමීෂ ද සිල්වා 22/3
බලපිටිය රේවත: 71/2 (පන්දුවාර 15.4) ෂෙහාන් මධුසංක 25, විසල් ගාර්දියවසම් 25/2
බලංගොඩ ආනන්ද මෛත්‍රිය විද්‍යාලයට ලකුණු 133ක ජයක්
ආනන්ද මෛත්‍රිය විද්‍යාලය : 177 (පන්දුවාර 49) හසිඳු රාජපක්ෂ 82, රවිඳු කරුණාරත්න 20, ලකිත් නේමිද 28/5
හික්කඩුව ශ්‍රී සුමංගල : 44 (පන්දුවාර 14.22) රවිඳු කරුණාරත්න 13/6
වත්තල ලයිසියම්ට ලකුණු 28ක ජයක්
ලයිසියම් : 127 (පන්දුවාර 41.5) ඔමල්ක හපුආරච්චි 48, ශවිදු සිල්වා 31, මධුෂ මෙන්ඩිස් 21/3, ෂෙහාන් මේදිස් 22/3
පානදුර ශාන්ත ජෝන් : 99 (පන්දුවාර 38) ගරුක සංකේත 37/3 , දිනෙව් පුංචිහේවා 15/2, විදුංස විජේරත්න 21/2
සාන්ත ජෝන්ට ජය
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද : 163 (පන්දුවාර 43.4) වනිත් ද සිල්වා 30, කවීෂ හංසක 29, කුගාස් මාතුලන් 52/4, අරුල්සීලන් කවිසාන් 21/3
සාන්ත ජෝන් : 164 (පන්දුවාර 45.3) නේසකුමාර් ජෙයිසාල් 43, සංගීත් ස්මිත් 32, උදයානන් අබියෝශාන්ත් 21, දිලින හංසක 16/2, කවීෂ හංසක 47/2