ප්‍රංසයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඉතාලිය සහ උරුගුවේ අතර තරගයෙන් ඉතාලිය ලකුණු 38-17ක ජයක් වාර්තා කළේය. ප්‍රංසයේ සිටේඩ් නයිස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු භාගයේදී ලකුණු 17-7ක් ලෙස උරුගුවේ ඉදිරියෙන් සිටි අතර, දෙවැනි භාගයේදී මොන්ටානා ලෝන්, ලෝරොන්සේ කැනෝන් හා ඉග්නේෂියා බ්‍රැක්ස් වාර්තා කළ උත්සහක දිනුම් හේතුවෙන් ඉතාලි ලකුණු පුවරුව ඉහළ ගියේය. ඉතාලිය වාර්තා කළ උත්සහක දිනුම් 5න් දෙකක් ලෝරොන්සෝ පැනී හා මිචෙල් රොමාරෝ වාර්තා කළහ. ටොමාසෝ අලන් ගෝල් ප්‍රවර්ථන පහම සාර්ථක කරගත් අතර, පාලෝ ගාබිසී දඬුවම් පහරකින් ලකුණු එක් කළේය.
රග්බි ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට සියලු කණ්ඩායම් තරග දෙක බැගින් සහභාගීවී සිටින අතර, ඉතාලිය ලකුණු 10ක්, අයර්ලන්තය ලකුණු 10ක්, වේල්සය ලකුණු 10ක් හා එංගලන්තය ලකුණු 10ක් ගෙන කාණ්ඩ හතරේ ඉදිරියෙන් සිටිති. සත්කාරක ප්‍රංශය ලකුණු 8ක් ලබා ‘ඒ‘ කාණ්ඩයේ ඉතාලියට දෙවැනිවී සිටී.