Friday, May 9, 2025
Home » ඊ ස්පෝට්ස් පදක්කමට සූදානම්

ඊ ස්පෝට්ස් පදක්කමට සූදානම්

by mahesh
September 22, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, උප සභාපති සුරංජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකා ඊ ස්පොට්ස් සංගමයේ සභාපති රවීන් විජේතිලක යන මහත්වරු ආසියානු ක්‍රීඩා උලෙළට යන කණ්ඩායම සමග.

ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අතුවැල් බැඳ ක්‍රීඩාව ඩිජිටල්කරණයට යොමු කරමින් ශ්‍රී ලංකා ඊ ස්පෝට්ස් සංගමය මුල් වරට ආසියානු ක්‍රීඩා උලෙළට ඊ ස්පෝට්ස් ක්‍රීඩක කණ්ඩායමක් යොමු කරයි. ක්‍රීඩකයින් සිවුදෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම චීනය බලා පිටත්වන අතර, එහිදී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීම එකම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ඊ ස්පොට්ස් සංගමයේ සභාපති රවීන් විජේතිලක මහතා පැවැසීය.

බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ශිෂ්‍ය චමුදිත ධර්මසිරිගේ නායකත්වයෙන් සහභාගීවන ඊ ස්පොට්ස් පිලට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මොහොමඩ් රිස්වි, කටුනේරිය සාන්ත සෙබස්තියන් ජාතික පාසලේ රමේෂ් ප්‍රනාන්දු හා කොළඹ අමල් ජාත්‍යන්තර පාසලේ මොහොමඩ් රිහාම් යන ක්‍රීඩකයින් ඇතුලත්ව සිටිති.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ ඊ ස්පොට්ස් තරගවලට රටවල් 25කින් තරගකරුවන් ඉදිරිපත්ව ඇති අතර, මෙයට මාසයකට පමණ පෙර පැවැති තරගාවලියකදී ශ්‍රී ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්ව ඇත. එහිදී වියට්නාමය, තායිලන්තය හා මියන්මාරය මුල් ස්ථාන තුන දිනා ගත්හ.

“මේ කණ්ඩායම තෝරා ගත්තේ ශ්‍රී ලංකාවේ ඊ ස්පෝට්ස් තරගාවලියක් පවත්වායි. පසුගිය තරගාවලියට පාසල් ළමුන් 2700ක් පමණ එක්ව සිටියා. දැන් ඊ ස්පෝට්ස් ක්‍රීඩාව අපේ රටේ ප්‍රචලිත වෙමින් පවතිනවා. ආසියානු ක්‍රීඩා උලෙළින් පසු පදක්කම් දිනා මේ ක්‍රීඩාව ‍තවත් අවධානයට ලක්වේවි“ ශ්‍රී ලංකා ඊ ස්පොට්ස් සංගමයේ සභාපති රවීන් විජේතිලක මහතා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT