Home » කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය ඇරැඹේ

කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය ඇරැඹේ

by Gayan Abeykoon
September 23, 2023 1:27 am 0 comment

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වැනි වරට සංවිධාන‌ය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – 2023’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ඊයේ (22) ආරම්භ විය.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු වූ අතර, ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස අමෙරිකානු කොන්ග්‍රස් පුස්තකාලයේ පුස්තකාලයාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ආරම්භ කළ දරු දිරිය ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසු සිසුවියක් පස්දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ද මෙහිදී අධ්‍යාපන ඇමැතිවරයා අතින් සිදු කෙරිණි. ඡායාරූපය – ගයාන් පුෂ්පික

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT