රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමාර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි.
කෙටිකාලීනව ජනතාවට පීඩනයක් ඇති වුවද, මෙරට සිදු කළ ප්‍රතිසංස්කරණ හමුවේ මෙම ස්ථාවරත්වය ළඟා කර ගැනීමට රජය සමත් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මහ බැංකුවේ මූල්‍ය කළමනාකරණය තුළ රට තුළ පැවැති ඉහළ උද්ධමනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ කාල සීමාවටත් පෙර ඉතා අඩු අගයකට ගෙන ඒමට හැකි වූ ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ නව බදු ප්‍රතිපත්තිය , IMF වැඩසටහන හා රාජ්‍ය ආදායම් හා ආර්ථික ස්ථායිකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්රණ මාලාවට එක් වෙමිනි. දීප ව්‍යාප්තව පවත්වනු ලබන මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ පස්වන අදියර අද අනුරාධපුරයේදී පැවැත්විණි.
රජය විසින් සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණය හේතුවෙන් මේ වන විට රාජ්‍ය ආදායම ඉහළ නැංවී ඇති බවත් බදු ගෙවන ජනතාවට අසාධාරණයක් වන බැවින් ඩිජිටල්කරණය ශක්තිමත් කරමින් බදු ගෙවන ජාලය පුළුල් කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .
මෙරට ඇති රාජ්‍ය ව්‍යාපාර හාරසියයක් පමණ පවතින බවත් එම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කර ඉන් ලාබ නොලබන කොටස ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බවත් නව රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කිරීමට රජය මැදිහත් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සමග එක්ව කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .
පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත ඇතැම් කණ්ඩායම් දේශපාලන වේදිකාවල අදහස් ප්‍රකාශ කළද වර්තමානය හා අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පිළිගත හැකි වැඩසටහනක් ලබා දීමට කිසිදු පක්ෂයකට හැකිව නැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා විසින් මෙහිදී අස්වැසුම වැඩසටහන පිළිබඳවද අදහස් පළ කළේය.
මේ වනවිට රජය විසින් එච්.එස්. කෝඩ් 600කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පවතවාගෙන යන බවත් වර්තමාන ආර්ථික තත්වය තුළ, ලබන මාසයේ දී වාහන සඳහා අදාළ එච්.එස්. කෝඩ් 270කට ආසන්න ප්‍රමාණය හැර, අනෙක් සියලුම ආනයන සීමා නිදහස් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් විසින් දැනුවත් කිරීම සිදු කළ අතර මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින් , දේශපාලන නායකයින් , වෘත්තීයවේදීන් හා මාධ්‍යවේදීන් එක්ව සිටියහ.