Home » කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ ප්‍රචලිත කරමින් විදේශ විනිමය ඉපැයීමේ වැඩපිළිවෙළ පුළුල් කළ යුතුයි

කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ ප්‍රචලිත කරමින් විදේශ විනිමය ඉපැයීමේ වැඩපිළිවෙළ පුළුල් කළ යුතුයි

ආචාර්ය ඒ. සරත් රණවීර

by Gayan Abeykoon
September 23, 2023 1:19 am 0 comment

මෙරට කාබනික කෘෂිකර්මික නිෂ්පාදන ජාත්‍යන්තරය තුළ ප්‍රචලිත කිරීම හරහා විදේශ විනිමය ඉපැයීමේ වැඩපිළිවෙලකට මෙරට ගොවි මහතුන් පෙළ ගැස්විය යුතු බව බයෝ ෆුඩ්ස් ආයතනයේ සභාපති හා ආචාර්ය සරත් රණවීර මහතා සඳහන් කරයි.

ආචාර්ය සරත් රණවීර මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවීර මහතා,

” රටේ පවතින වර්තමාන ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස මෙරට කාබනික කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තරය වෙළෙදපොළ තුල ප්‍රචලිත කරමින් විදේශ විනිමය ඉපැයීම සදහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරමින් දිරිගැන්වීම් සිදු කළ යුතුයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ දක්ෂ ගොවි මහතුන් සිටින බැවින් ඔවුන් සදහා නිවැරදි මග පෙන්වීම හා තාක්ෂණය හදුන්වා දෙමින් අදාළ ඉලක්කයන් වෙත ලගා විය හැකියි.

කාබනික නිෂ්පාදනයන් සදහා ගෝලීය වෙළෙදපොළ තුළ ඉහළ අවස්ථාවන් ජනිත වී තිබෙනවා. එම ගෝලීය වෙළෙදපොළ ඉලක්ක කරමින් අපගේ කෘෂි නිෂ්පාදන සකස් කළ යුතුයි.

කාබනික කෘෂිකර්මාන්තයේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට අපි දැනටමත් කටයුතු කර තිබෙනවා. තිරසාර හා ආචාරශිලී ගොවිතැන් පිළිවෙතක් හදුන්වා දෙමින් රටට ආදර්ශයක් ලබා දී තිබෙනවා. එසේම, 1990 දශකයේ මුල් භාගයේදී Fairtrade Labeling Organization (FLO) ප්‍රමිති සැකසීමේ කමිටුව නියෝජනය කරමින් අධ්‍යතනයේ ගෝලීය වශයෙන් භාවිතා වන සාධාරණ වෙළඳ රෙගුලාසි සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට අපට හැකියාව ලැබුණා.

අධිෂ්ඨානශීලී සාධාරණ වෙළඳ පිළිවෙත් හරහා අනුගමනය කරන අපනයන වෙළෙදපොළ මගින් ලබන අපනයන ආදායම ශ්‍රී ලාංකික කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීමට ද රුකුලක් වෙනවා. කාබනික සහ තිරසාර භාවිතයන් (SOFA සහ MOPA) පිළිබඳව පුහුණු කරන ලද කුඩා ගොවි කණ්ඩායම් 2015 සහ 2014 වසරවලදී FLO විසින් ලොව හොඳම ගොවි සංවිධානයේ සම්මානයෙන් පිදුම් ලැබීමටත් අපේ රටට අවස්ථාව උදාවුණා. 2014 වසරේදී World Fairtrade ලේබල් කිරීමේ සංවිධානය විසින් සමාරම්භක “World’s Fairest Fairtrade සම්මානයෙන්ද අපේ රට ගෞරවයට පාත්‍ර වුනා. විශේෂයෙන් යුරෝපය පුරා, නොයෙකුත් ඇගයීම් සහ පිළිගැනීම් ලබා ඇති ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට දැනටමත් කටයුතු කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය ශක්තීන් අ‍පේ රටේ පවතිනවා.

කාබනික සහ තිරසාර භාවිතයන් සඳහා වූ අපගේ කැපවීම සැලකිය යුතු ප්‍රතිඵල ගෙන දී තිබෙනවා. ජනප්‍රිය දුර්මතවලට පටහැනිව, මෙම ක්‍රම මගින් සාම්ප්‍රදායික භාවිතයන්ට සමාන හෝ අභිබවා යන අස්වැන්නක් ලබා දෙන බව ඔප්පු වී තිබෙනවා. අපි සැලකිය යුතු ප්‍රතිඵල ජනනය කර මෙම ප්‍රතිඵල බෙදා ගත් අතර දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය විදේශ විනිමය ඉපැයීමට දායක වීමට හැකියාව ලැබී තිබෙනවා.

අභියෝග රැසක් මධ්‍යයේ කාබනික කෘෂිකර්මාන්තය හරහා ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට හැකියාව ලැබුණා. COVID-19 වසංගතය, රජයේ අස්ථාවරත්වය, කාබනික කෘෂිකර්මාන්තය වටා ඇති ප්‍රතිපත්ති මාරු කිරීම සහ 2022 මූල්‍ය අර්බුදය ඇතුළු ප්‍රබල අභියෝග හමුවේ වුවද කාබනික කෘෂිකර්මාන්තය නගාසිටුවමින් පැවති අභියෝගයන් කලමණාකරණය කර ගැනීමට හැකියාව ලැබුණා.

” බොහොමයක් අපනයන ශ්‍රේෂ්ත්‍රයේ ලැබෙන අපනයන ඩොලර් ආදායම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවතත් රටින් බැහැර වෙනවා. මොකද ඒවායේ යෙදවුම් වලට විශාල වශයෙන් අපි ආනයනය මත පදනම් වෙන හින්දා. ඒකට විරුද්දව බයෝ ෆුඩ්ස් වල 99%ක් පමණ රට ඇතුලේ අගය එකතු කිරීමක් සිද්ද වෙනවා. මෙම උදාහරණය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩොලර් උපයාගැනීමේ ශක්තිය අවධාරනය කරනවා පමණක් නොවේ ජාතිය තිරසාර කෘෂිකර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත්වීමට අවස්ථාව නිර්මාණය කරනවා. විචක්ෂණ රාජ්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය සඳහාද එය අත්‍යවශ්‍යයි. සත්‍ය උනන්දුවක් සහ ඵලදායී කථිකාවක් තිබේ නම්, මෙම නිර්මාණාත්මක ක්‍රියාවලියේ නිරත වීමට බයෝ ෆුඩ්ස් හි අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටින” බව බයෝ ෆුඩ්ස් ලංකා ප්‍රධාන විධායක නිලධාරී ගයාන් වෙල්ලාල මහතා සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT