සේයා රුව:
• Muscle Edge වේ ප්‍රෝටීන්
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පෝෂණ ආහාර අතිරේක සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන Edge Nutrition සමාගම, උසස් තත්ත්වයේ වේ ප්‍රෝටීන් ආහාර අතිරේකයක් (Whey Protein Supplement) වන MUSCLE EDGE පසුගියදා මෙරට වෙළෙඳපොළට නැවත හඳුන්වා දුණි. ඒ සියලු දෙනාටම මිළදීගත හැකි පහසු මිළක් යටතේ වීම ද විශේෂත්වයකි.
″ප්‍රෝටීන හිඟතාව තමයි, අපේ ආහාර වේල තුළ තිබෙන පෝෂණ ඌනතාවට ප්‍රධානම හේතුව. දරුවන්ගේ ශාරීරික වර්ධනය සහ ඔවුන්ගේ ජානමය වර්ධනයට ඇති අවස්ථාව අහිමිවීම මෙන්ම, දශක ගණනාවක් පුරා ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා හීන වීමටත් මෙම ප්‍රෝටීන ඌනතාවට බලපා තිබෙනවා″, යනුවෙන් Edge Nutrition හි කළමනාකාර අධ්‍යක්ෂ සහ Power World Gyms නිර්මාතෘ ටලවෝව් අලයිලීමා ප්‍රකාශ කළේය.
ඉහළම ආහාර ජීර්ණ ධාරිතාවක් සමඟින් ශරීරයට ප්‍රෝටීන් ලබාගත හැකි හොඳම ප්‍රභවය ලෙස සනාථ වී ඇති වේ ප්‍රෝටීන් යනු MUSCLE EDGE හි ප්‍රධානතම ආහාර අමුද්‍රව්‍ය වේ. එබැවින් එක් MUSCLE EDGE පිරිනැමීමකදී සියයට 70කට වැඩි, වේ ප්‍රෝටීන් ප්‍රමාණයක් සිරුරට ලබාගත හැකිවේ.