Tuesday, December 5, 2023
Home » මා ප්‍රඩක්ට්ස් නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිතයා ලෙස ඩෙල්මෝ ආයතනය ගිවිසුම්ගත වේ

මා ප්‍රඩක්ට්ස් නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිතයා ලෙස ඩෙල්මෝ ආයතනය ගිවිසුම්ගත වේ

by Gayan Abeykoon
September 23, 2023 1:20 am 0 comment

මා ප්‍රඩක්ට් විසින් නිෂ්පාදනය කරනු ලබන සම්පූර්ණ දේශීය නිෂ්පාදනයක් වන නෙල්ලි කෝලා දිවයින පුරා බෙදා හැරීම ඩෙල්මෝ ආයතනය වෙත පසුගියදා නිල වශයෙන් පවරන ලද බව මා ප්‍රඩක්ට් අධිපති මුදිත සවණක්කොඩි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙය දේශීය නිෂ්පාදනයක් වන බවත්, වස විසෙන් තොර බවත්, පැණි බීම වැනි ශරීරයට අහිතකර නිෂ්පාදනයක් නොවන බවත්, මෙම නිෂ්පාදන ශරීර සෞඛ්‍යය රැක ගැනීමට අවශ්‍ය අමු ද්‍රව්‍යවලින් නිපදවන බවත් සවණක්කොඩි මහතා සඳහන් කළේය. උතුරේ තල් රසය දකුණට ලබා දීම සඳහා තල් ආශ්‍රිත ශරීරයට හිතකර නිෂ්පාදනයක්ද මෙම නිෂ්පාදන පෙළට අයත්ය.

මුදිත සවණක්කොඩි මහතා වැඩිදුරටත් අවධාරණය කළේ තරුණයන් අතර ජනප්‍රිය ඇබ්බැහියක්ව ඇති කෝලාවලට හා බීරවලට ගුණාත්මක විකල්පයක් ලෙස මෙම නිෂ්පාදන හඳුන්වා දුන් බවයි. ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් මත්වන ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිෂ්පාදනය මෙය බවත්, ගොරකා ආශ්‍රිතව නිෂ්පාදනය කර ඇති පානය, පැණි බීමට හුරුව සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පා සිටින්නන්ට වඩාත් යෝග්‍යය බවත් ඔහු පැවසීය. බෙදා හැරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඩෙල්මෝ ආයතනයේ අධ්‍යක්ෂ තුසිත් තිවංක මුතුමාල මහතා සඳහන් කළේ දේශීය නිෂ්පාදන නඟා සිටුවිය යුතු මොහොතක රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් මෙවැනි නිෂ්පාදන බිහි වීම පිළිබඳව සතුටු වන බවයි. නෙල්ලි කෝලා මීට වසර දෙකකට පෙර සිට විදෙස් වෙළෙඳ පොළ ජය ගෙන තිබුණ ද ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට නිකුත් කළේ ප්‍රථම වතාවටය. එම නිෂ්පාදන ඩෙල්මෝ ආයතනයේ කැපවීම තුළින් ජනතාව අතර ජනප්‍රිය කළ හැකි බව මා ප්‍රොඩක්ට් ආයතනය විශ්වාස කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT