Home » SLT Digital Services වෙතින් Automobile.LK: රථවාහන කර්මාන්තයටම වෙන් වූ ඩිජිටල් නාමාවලියක්

SLT Digital Services වෙතින් Automobile.LK: රථවාහන කර්මාන්තයටම වෙන් වූ ඩිජිටල් නාමාවලියක්

by Gayan Abeykoon
September 23, 2023 1:12 am 0 comment

SLT-MOBITEL සමූහ ව්‍යාපාරයේ නව අලෙවිකරණ සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT Digital Services (පුද්.) සමාගම, ‘Automobile.LK’ නමින් නව online ඩිජිටල් දුරකථන නාමාවලියක් හඳුන්වා දී තිබේ. මෙරට රථවාහන කර්මාන්තයටම සුවිශේෂී වූ මෙම වෙබ් අඩවිය, රථවාහන සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවක් ඉතාමත් පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ රථවාහන කර්මාන්තය සම්බන්ධ සියලුම නිෂ්පාදන හා සේවා ආවරණයවන පරිපූර්ණ වෙබ් ද්වාරයක් වශයෙන් මෙය සැලසුම්කර තිබේ.

රථවාහන සම්බන්ධ නව තොරතුරු හා උපදෙස් සහ රථවාහන කර්මාන්තයට අදාළ නිෂ්පාදන හා සේවා පිළිබඳ තොරතුරු ලබාදීමට අමතරව මෙය රථවාහන විකිණීම හා මිලදීගැනීම සම්බන්ධ පහසුකම්ද සපයනු ඇත.

‘Automobile.LK’ වෙබ් අඩවිය, මෙරට රථවාහන කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරවලට අන්තර්ජාලය තුළ තම නිෂ්පාදන හා සේවා ප්‍රචාරණය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු නිසැක ය. මෙමගින් ඔවුන්ට Search Engine

Optimization (SEO) ඔස්සේ තම නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයන් අතරට වඩාත් පහසුවෙන් රැගෙන යාමට අවස්ථාව ලැබෙන අතර, මෙරටට සීමා නොවී ජාත්‍යන්තර පාරිභෝගිකයන්ගේ අවධානයද දිනාගැනීමටද හැකි වනු ඇත.

“Automobile.LK යනු ශ්‍රී ලංකාවේ රථවාහන කර්මාන්තය තුළ තැබූ විප්ලවකාරී පියවරක්. ඩිජිටල් තාක්ෂණයේ පන්නරය ලබමින් පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස රථවාහන සම්බන්ධ තොරතුරු හා සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දීමටත්, ඒ ඔස්සේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාර

අතර වඩාත් සමීප හා අර්ථවත් සම්බන්ධතා ගොඩනැංවීමටත් අපට හැකි වේවි කියා අප සිතනවා.” SLT Digital Services සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසීය.

‘Automobile.LK’ සමගින් මෙරට රථවාහන කර්මාන්තයේ පෙර නොවූවිරූ පෙරළියක් සිදුකිරීමට SLT Digital Services සමත් වනු නිසැක ය. මෙය හුදෙක් වෙබ් අඩවියක් පමණක් නොව, ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ පාරිභෝගික සම්බන්ධතා වැඩිදියුණුකරන සුවිශේෂී ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT