ගූගල් සිතියමේ උපදෙස්වලට අනුව කඩා වැටුණු පාලමක් මතින් රිය පැදවූ පුද්ගලයකු එම පාලම කඩා වැටී සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඔහුගේ බිරිය ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයි අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙන් වාර්තා වේ. වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ නිරතව සිටි 47 හැවිරිදි පිලිප් පැක්ස්ටන් නැමති එම පුද්ගලයා රිය ධාවනය කළ පාලම වසර 9කට පෙර කඩා වැටුණු පාලමක් බව තහවුරු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ අනතුර සිදුවී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බරයේදී වන අතර, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා සමඟ ඔහු පැද වූ ජීප් රථය දියට වැටී ගිලී ගිය බව වාර්තා වේ.
ගූගල් සමාගමේ සිතියමේ නොසැලකිමත් උපදෙස් සම්බන්ධව අවධාරණය කරමින් එම නඩුව පැවැරීමට බිරිය පසුගියදා කටයුතු යොදා ඇත්තේ එම පාලම වසර 9කට පෙර කඩ වැටුණු පාලමක් බවට එම අනතුරට පෙර බොහෝ දෙනකු එම සමාගමට දැනුම් දී තිබූ බැවිනි.
අතහැර දමා තිබූ එම පාලම ඉතා අබලන් තත්ත්වයේ තිබූ බවත්, රාත්‍රී 11.00ට පමණ පාලමේ අනාරක්ෂිත දාරයක ගැටී ජීප් රථය අඩි විස්සක් පමණ පහළින් පිහිටි දියට වැටී තිබේ.