පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකු ඊයේ (22) අලුයම හදිසියේ අසනීප වී පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ තීවින් සාහිත්‍යන් ( Thivin Sahithiyan) නැමැති විසි දෙහැවිරිදි තරුණයෙකි. ඔහු මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනකු සමඟ මොහු නතර වී සිට ඇති අතර හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා ඊයේ (22) අලුයම 2.00ට පමණ එම සිසුන් දෙදෙනා මොහුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. රෝහලට ඇතුළත් කර පැයක පමණ කාලයක දී සිසුවා මියගොස් ඇත. මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ හැක්කේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බව පේරාදෙණිය පොලීසිය පවසයි.
පේරාදෙණිය සරසවි සිසුවා රෝහලේදී මිය ගිහින්
September 23, 2023 1:07 am
0 comment
අසේල කුරුළුවංශ
577