Saturday, May 10, 2025
Home » පාකි­ස්තාන මහ­මැ­ති­ව­ර­ණය ජන­වා­රියේ

පාකි­ස්තාන මහ­මැ­ති­ව­ර­ණය ජන­වා­රියේ

by Gayan Abeykoon
September 23, 2023 1:21 am 0 comment

පාකිස්තානයේ මහමැතිවරණය ලබන වසරේ ජනවාරියේ පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා ඡන්ද කොට්ඨාස අලුතින් ලියාපදිංචි විමේ ලැයිස්තුව සම්පූර්ණ කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බවය. කෙසේ වෙතත් නොවැම්බර් මස අගභාගයේදී එම ඡන්ද කොට්ඨාස ලැයිස්තුව ප්‍රකාශයට පත් කර, නාමයෝජනා කැඳවා අභියාචනා සහ ප්‍රචාරක කටයුතු ඇතුළත් දින 54ක ක්‍රියාවලියක් සිදු කිරීමේ අවශ්‍යතාව මත මහමැතිවරණය ජනවාරියට කල් දැමීමට සිදු වූ බව පාකිස්තාන මැතිවරණ කොමිසම වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

මිලියන 241ක ජනගහනයක් ඇති පාකිස්තානයේ වසර පහක නව රජය පත් කර ගැනීම සඳහා පැවැත්වෙන මහමැතිවරණය පෙර නොවූ විරූ අයුරින් උණුසුම් වනු ඇතැයි විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT