වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු බැලීම සඳහා පෙරේදා (21) රාත්‍රියේ පැමිණි පුද්ගලයන් හයදෙෙනකු සිදු කළ බව කියන පහරදීමක් හේතුවෙන් එම රෝහලේ රාත්‍රී සේවයේ නිරතව සිටි හරින්ද්‍ර සෙනාල් විජේරත්න නැමැති වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පහරදීම පෙරේදා (21) රාත්‍රී 8.50ට පමණ සිදු වූ බවට වෛද්‍යවරයා වත්තේගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. වෛද්‍යවරයාට පහරදීම සිදු කළ බව කියන පුද්ගලයන් අතරින් තිදෙෙනකු වත්තේගම පොලිසිය ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍යවරයා තමන්ට පහරදුන් බව කියමින් අදාළ පුද්ගලයන් අතර, සිටි එක් අයකු ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත්ව සිටින බව පොලිසිය පවසයි. පලා ගිය සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.