Home » නැඟෙ­න­හිර ෂරියා විශ්ව­වි­ද්‍යා­ලය යළි හිස්බු­ල්ලාට භාර දෙයි

නැඟෙ­න­හිර ෂරියා විශ්ව­වි­ද්‍යා­ලය යළි හිස්බු­ල්ලාට භාර දෙයි

by Gayan Abeykoon
September 23, 2023 1:08 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ
නැඟෙ­න­හිර ආර­ක්ෂක සේනාං­කා­ධි­ප­ති­ව­රයා විසින් හිස්බුල්ලා මහ­තාට ෂරියා විශ්ව­වි­ද්‍යා­ලය භාර­දුන් අව­ස්ථාව

මඩකලපුව පූනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය පසුගියදා (20) යළි නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට භාර දුනි.

පාස්කු දින ප්‍රහාරයත් සමඟ නැඟෙනහිර පළාතේ අන්තවාදී පිරිස් කළ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන තිබුණි.

ලොව පුරා මහත් ආන්දෝලනයකට පත්ව තිබූ ෂරියා විශ්වවිද්‍යාලය කෝටි 800කට වැඩි මුදලක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයෙක් විසින් නැඟෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට දුන් පරිත්‍යාගයක් බවට ප්‍රචලිත වී තිබිණි.

මේ ෂරියා විශ්වවිද්‍යාලය නැඟෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.කේ.යූ.පී. ගුණරත්න මහතා ඇතුළු උසස් හමුදා නිලධාරින් පිරිසක් විසින් නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඇතුළු ඉස්ලාම් භක්තිකයන් පිරිසකටපසුගියදා (20) නිල වශයෙන් භාර දීමට කටයුතු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT