Saturday, May 10, 2025
Home » අමෙ­රි­කා­වෙන් සෝයා බෝංචි සහ බඩ­ඉ­රිඟු මෙට්‍රික් ටොන් 4,700ක්
ත්‍රිපෝෂ ආහාර වැඩ­ස­ට­හ­නට සහාය දිග­ටම:

අමෙ­රි­කා­වෙන් සෝයා බෝංචි සහ බඩ­ඉ­රිඟු මෙට්‍රික් ටොන් 4,700ක්

by Gayan Abeykoon
September 23, 2023 1:08 am 0 comment

මහින්ද අලුත්ගෙදර
සෝයා බෝංචි සහ බඩ ඉරිඟු ත්‍රිපෝෂ සමාගමට භාර දුන් අයුරු

ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ ආහාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහාය වෙමින් සෝයා බෝංචි සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 4,700ක තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය විසින් පෝෂණීය ත්‍රිපෝෂ ආහාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහාය වීම සඳහා සෝයා බෝංචි සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 4,700ක තොගයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත භාරදී තිබෙන අතර එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළ විසින් ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවේ දී පෙරේදා (21) පැවති විශේෂ උත්සවයක දී මේ භාරදීම නිල වශයෙන් සිදුකෙරිණි.

මේ ආහාර තොගය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවට සහාය වීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙළ කරන හදිසි මෙහෙයුම වෙනුවෙන් එක්සත් ජනපදය සපයන ඩොලර් මිලියන 20ක පුළුල් සහනාධාරයේ කොටසක් වන අතර, එමඟින් ආහාර අනාරක්‍ෂිතතාව සහිත ශ්‍රී ලාංකික පවුල් සඳහා මුදල්, ආහාර ආධාර සහ වවුචර ලබාදීමේ හැකියාව ලෝක ආහාර වැඩපිළිවෙළ වෙත ලබා දී ඇති අතර, පාසල් ආහාර ලබාදීම සහ පෝෂණීය ත්‍රිපෝෂ මිශ්‍ර ආහාර නිෂ්පාදනය ඇතුළු ජාතික ආහාර සහ පෝෂණ වැඩසටහන් සඳහා ද එක්සත් ජනපදය සහාය වේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පාලන සහ අවදානමට ලක්විය හැකි ජනගහන කාර්යාලයේ අධ්‍යක්‍ෂ ඇස්ටා සින්බෝ මෙසේ ප්‍රකාශ කළේය. Òඅපගේ මෑතකාලීන හදිසි අවශ්‍යතා අරමුදල් හරහා ශ්‍රී ලාංකීය දරුවන්ගේ මන්දපෝෂණය වැළැක්වීමට මිශ්‍ර ආහාර අතිරේකය වන ත්‍රිපෝෂ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමෙන් ශ්‍රී ලංකාව සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය තවත් දැඩිකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය සතුටට පත්ව සිටී.

පසුගිය වසරේ, අර්බුදයට ප්‍රතිචාර දක්වමින්, අපගේ හවුල්කරුවන් වන ලෝක ආහාර වැඩපිළිවෙළ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය සමඟ සමීප සහයෝගය ඇතිව ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වෙත නැව්ගත කරන ලද බඩඉරිඟු සහ සෝයා බෝංචි තොගය අපි දුටුවා. 1973 වසරේ ආරම්භයේ දී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සහාය දැක්වූ අතර අපගේ ඒකාබද්ධ ප්‍රයත්නයන් නිසා අද ශ්‍රී ලංකාවේ සුවහසක් දරුවන්ගේ සහ මවුවරුන්ගේ අනාගතය අඛණ්ඩව සුරක්‍ෂිත වන බව දැකීම සැබවින්ම සතුටක්” යැයි පැවසීය.

සාමාන්‍ය ආහාරවේලට අතිරේක වශයෙන් අත්‍යවශ්‍ය පෝෂණය සහිත ත්‍රිපෝෂ භාවිත කරන අතර, ජාතික පෝෂණ වැඩසටහන හරහා එය නොමිලේ ලබාදෙයි.

එක්සත් ජනපද අරමුදල් යටතේ සැපයෙන අමුද්‍රව්‍ය, ගැබිනි සහ කිරිදෙන මවුවරුන් සහ අවුරුදු පහට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් මිලියන භාගයකට වඩා වැඩි ප්‍රමාණයකට, වාර හතරක් ලබාදීමට ප්‍රමාණවත් ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගනී. ලෝක ආහාර වැඩපිළිවෙළ, එක්සත් ජනපදය වැනි පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන අරමුදල් සහිතව, සිය හදිසි මෙහෙයුම හරහා 2022 ජූනි මාසයේ සිට මිලියන 3.8කට වඩා වැඩි පිරිසකට ආහාර සහ පෝෂණ ආධාර ලබා දී ඇති අතර බහු ක්‍රියාකාරකම් හරහා සහාය ගත් අයද ඇතුළත් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT