Friday, May 9, 2025
Home » හැකි තරම් ආයෝ­ජන මෙර­ටට ගෙන්වා ගැනීම ආර්ථික අර්බු­දයට විස­ඳු­මයි

හැකි තරම් ආයෝ­ජන මෙර­ටට ගෙන්වා ගැනීම ආර්ථික අර්බු­දයට විස­ඳු­මයි

රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණු­ගම

by Gayan Abeykoon
September 23, 2023 1:07 am 0 comment

නුවන් කොඩිකාර
අව­ස­ර­පත් ලබා දෙමින්. ඡායා­රූ­පය - සුදත් නිශාන්ත

ආර්ථික අර්බුදය ජය ගැනීමට හැකි ස්ථාවර හා දීර්ඝකාලීන විසඳුම, හැකි තරම් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ වෙනුවෙන් රජය කැප වී සිටින බව හෙතෙම කීවේය. කර්මාන්ත ශාලාවලින් ඉවතලන අබලි ද්‍රව්‍ය නිසි ක්‍රමයකට අනුව තෝරාගත් අය සඳහා අවසරපත් නිකුත් කිරීම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පසුගියදා (21) පැවැත්විණි. එහිදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ආයෝජකයන්ගේ ආරක්ෂාව මෙන්ම විශ්වාසය දිනා ගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, මෙහිදී ආයෝජකයා ප්‍රමුඛ පුද්ගලයා ලෙස සලකන බවත් ඒ මහතා පැවසීය. එම අවසරපත් නිකුත් කිරීමට සමගාමීව ඔවුන් සෑම කෙනකු සඳහාම ආදායම් බදු ලිපිගොනුවක්ද විවෘත කිරීම, එම 100 දෙනා ව්‍යාපාර ලියාපදිංචි කිරීම මෙන්ම ඉදිරියේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් අබලි ද්‍රව්‍ය ලබා ගැනීමට අවසරපත් නිකුත් කිරීම කරන්නේ මේ ක්‍රමය මත ලියාපදිංචි වී සිටින අය පමණක් බව ආයෝජන ප්‍රවර්ධන අමත්‍යාංශය සඳහන් කරයි. මේ නව ක්‍රමවේදය යටතේ අතරමැදියන් නැතිව මේ පුද්ගලයන්ට සෘජුව කම්හල්වලින් අබලි ද්‍රව්‍ය ලබා ගැනීමට හැකිවීම, අවසරපත් නිකුත් කළ පුද්ගලයන් සියල්ල දැනට මේ කර්මාන්තයේ නියැළෙන පුද්ගලයන් වීම, ඉදිරියේදී තවත් පිරිසක් තෝරා ගන්නා අතර එම පුද්ගලයන්ට ද අවසර පත්‍ර නිකුත් කිරීමට අපේක්ෂිත අතර කර්මාන්ත ශාලා හිමියන්ට විනිවිධ භාවයෙන් යුතුව තම කර්මාන්ත ශාලාවේ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව මෙයින් හිමි වේ. මේ ක්‍රමවේදය හඳුන්වාදීමත් සමඟ විවිධ අයථා ක්‍රම මඟින් අබලි ද්‍රව්‍ය ලබාදීමේ ක්‍රමය අහෝසි වන බව ද අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ, ආයෝජක ප්‍රජාව නියෝජනය කරමින් අල් ඔබෙයිදානි සමාගමේ අධ්‍යක්ෂ යාසිර් ලාහීර් මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT