ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමට තායිලන්තයේ නියෝජිත පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක නිරත වී තිබේ. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව මේ නියෝජිත පිරිස ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමේ අදහසින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරතව සිටින අතර තායිලන්ත ආයෝජකයන් සඳහා ප්‍රයෝජනවත් ආයෝජන අවස්ථා හඳුනා ගැනීම මේ සංචාරයේ ප්‍රධාන අරමුණ විය.
තායිලන්තයේ පීරපැට් ටෙක්නොලොජි (Peerapat Technology), ෆෝවර්ඩ් මැනේජ්මන්ට් සර්විසස් (Forward Management Services), CO2 ඉනොවේෂන් (CO2 Innovation) සහ NC හොලිඩේස් (NC holidays) යන සමාගම් හි නියෝජිතයන් පැමිණි අතර හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් කර තිබේ.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල්, අමාත්‍ය උපදේශක ආර්තිත් ප්රසාර්ට්කුල් සහ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයේ උපදේශක ප්රංග්තිප් කොන්ග්රිදිසුක්සකොර්න් මහත්වරුන් ද, තායිලන්ත විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ද ව්‍යාපාරික දූත පිරිසට එක්ව සිටියහ.