Sunday, May 11, 2025
Home » තායි­ල­න්තයේ නියෝ­ජිත පිරි­සක් හම්බ­න්තොට වරායේ සංචා­ර­යක

තායි­ල­න්තයේ නියෝ­ජිත පිරි­සක් හම්බ­න්තොට වරායේ සංචා­ර­යක

ව්‍යාපා­රික අවස්ථා සොයා බැලීම අර­මු­ණයි

by Gayan Abeykoon
September 23, 2023 1:07 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමට තායිලන්තයේ නියෝජිත පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක නිරත වී තිබේ. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව මේ නියෝජිත පිරිස ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමේ අදහසින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරතව සිටින අතර තායිලන්ත ආයෝජකයන් සඳහා ප්‍රයෝජනවත් ආයෝජන අවස්ථා හඳුනා ගැනීම මේ සංචාරයේ ප්‍රධාන අරමුණ විය.

තායිලන්තයේ පීරපැට් ටෙක්නොලොජි (Peerapat Technology), ෆෝවර්ඩ් මැනේජ්මන්ට් සර්විසස් (Forward Management Services), CO2 ඉනොවේෂන් (CO2 Innovation) සහ NC හොලිඩේස් (NC holidays) යන සමාගම් හි නියෝජිතයන් පැමිණි අතර හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් කර තිබේ.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල්, අමාත්‍ය උපදේශක ආර්තිත් ප්‍රසාර්ට්කුල් සහ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයේ උපදේශක ප්‍රංග්තිප් කොන්ග්‍රිදිසුක්සකොර්න් මහත්වරුන් ද, තායිලන්ත විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ද ව්‍යාපාරික දූත පිරිසට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT