Friday, May 9, 2025
Home » දකු‌ෙණ් සෞඛ්‍ය කාර්ය සහා­යක නිල­ධා­රීන්ට උස­ස්වීම්

දකු‌ෙණ් සෞඛ්‍ය කාර්ය සහා­යක නිල­ධා­රීන්ට උස­ස්වීම්

by Gayan Abeykoon
September 23, 2023 1:07 am 0 comment

සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන්ට ඔවුන්ට අදාළ තනතුරු උසස්වීම් ලබාදීම දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා මාතරදි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි. ඒ අනුව නිලධාරීන් 90ක් සුදුසුකම් ලබා සිටි අතර ඔවුන්ට අයත් තනතුරු උසස්වීම් ලබාදීම දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා අතින් සිදු කෙරිණි.

මේ අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න,‍සෞඛ්‍ය ලේකම් ක්‍රිසන්ත මහේන්ද්‍ර, සහකාර ලේකම් (සෞඛ්‍ය ) කේ.කේ.වී.ඒ. හර්ෂනී මහත්මිය,දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග,මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩබ්ලිව්.එම්.කේ. මැදිවක, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තාරක ලොකුමාරබගේ,වෛද්‍ය නිලධාරී (සැලසුම්) චමිලා ජයසේකර , ගණකාධිකාරී ඩබ්ලිව්.ඒ.එන්. සුදර්ශනී, පරිපාලන නිලධාරී අමිලා රාමනායක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT