Home » ප්‍රමි­ති­යෙන් උසස් සම්බා­හන මධ්‍ය­ස්ථාන ජාල­යක් ඇති­ කි­රී­මට පිය­වර

ප්‍රමි­ති­යෙන් උසස් සම්බා­හන මධ්‍ය­ස්ථාන ජාල­යක් ඇති­ කි­රී­මට පිය­වර

ශ්‍රී ලංකා සම්බා­හන සංග­මයේ සභා­පති

by Gayan Abeykoon
September 23, 2023 1:05 am 0 comment

අනුර ප්‍රේමලාල්

සම්බාහන මධ්‍යස්ථාන SPA ගණිකා මධ්‍යස්ථාන නොවන බවත් ඉදිරියේදී සකස් කෙරෙන නීති රීති අනුව ප්‍රමිතියෙන් උසස් සම්බාහන මධ්‍යස්ථාන ජාලයක් රටේ බිහිවෙන බවත් ශ්‍රී ලංකා සම්බාහන සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (21) කොළඹ 02, නිපොන් හෝටලයේදී පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අප සංගමයේ නියෝජිතයන් සිදු කළ සාකච්ඡාවකදී ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ඔළුව මහතා අප හා සම්බන්ධ කරමින් මෙම ව්‍යාපාරය විධිමත් කොට නැඟීගෙන එන සංචාරක ක්ෂේත්‍රයට අනුව ප්‍රමිතිගත කිරීමට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව සම්බාහන මධ්‍යස්ථාන යනු තවත් ගණිකා නිවාස නොවේ.

එය ආයුර්වේද ක්‍රමවේදයකට අනුව මිනිස් සිරුරට අවශ්‍ය වැදගත් ප්‍රතිකර්මයක් ලෙස පවත්වාගෙන යන අතර සම්බාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන නීති විරෝධී ස්ථාන වැටලීම් සිදු කර වසා දැමීමට පියවර ගන්නා ලෙස අපි ඒ මහතාගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පති සමඟ ද සාකච්ඡාකොට මෙය මූලික වශයෙන් පිළියෙල කර ගන්නා තුරු මාස තුනක් වැටලිම් නවත්වා මෙම සම්බාහන ජාලය විධිමත් කරගැනීමට උපකාර කරන ලෙස ඉල්ලුවා. නමුත් බස්නාහිර පළාතේ වැටලීම් පොලිස්පතිගේ ඉල්ලීම් ද පසෙකලා තවම අනවශ්‍ය ලෙස සිදු කෙරෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT