458
කෘත්‍රිම බිත්තර යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.
එවැනි කෘත්‍රිම බිත්තර දේශීයව නිෂ්පාදනය නොකරන බවත්, ආනයනික බිත්තර සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, අත්‍යවශ්‍ය ආහාරවල ප්‍රමිතිය පිළිබඳ අදාළ ආයතන දැනුම්වත් විය යුතු බවත් එහි සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේය.