Home » බම්බලපිටිය දුම්රියපලට පැමිණි ටොනේඩෝව පිලිබඳ කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

බම්බලපිටිය දුම්රියපලට පැමිණි ටොනේඩෝව පිලිබඳ කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

by chanaka
September 23, 2023 6:27 pm 0 comment

කොළඹට ඊයේ (22) පස්වරුවේ ඇදහැලුනු අධික වර්ෂාවත්, සුළං තත්ත්වයත් සමග බම්බලපිටියට නුදුරු මුහුදු ප්‍රදේශයේදී ටොනේඩෝ වැනි තත්ත්වයක් ගොඩබිම දෙසට ගමන් කරන අයුරු දක්නට ලැබුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙය දියගොබ වලාවක් ලෙස හඳුන්වන බවය.

මුහුදු ජලය ඉහළට ඇදගැනීම මෙහිදී සිදුවන අතර ගොඩබිම සිදුවන ටොනේඩෝවට සමාන ක්‍රියාවක් එහිදී සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මුහුදේ සිට ගොඩබිම දෙසට පැමිණි මෙම තත්ත්වය ගොඩබිමට පැමිණීමේදී ක්‍රමයෙන් නැතිවී යන අයුරු ද අදාළ වීඩියෝවේ දැක්වුණි.

දියගොබ වලාව ගොඩබිමට පැමිණීමත් සමග බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළය සුළඟට ගසාගෙන ගොස් තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT