රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසල ආරම්භ කර වසර 125ක් පිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයක් සහ පාගමනක් ඇතුළු වැඩසටහනක් කිහිපයක් පසුගියදා පැවැත්වුණි.
මෙයට සමගාමීව තෙදින වෙළෙඳ ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබේ. පාගමනට ආදි ගුරුවරුන් ද ආදි සිසුන් ද එක්වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමට ද කටයුතු කරන බව මෙම සැමරුම් උත්සවයට එක්වු සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, හිටපු පළාත් සභා මන්ත්‍රි යෙහියා එම්. ඉෆ්ලාර්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, පළාත් මාර්ග හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.