මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ඉත්තෑ මස් කිලෝ 01යි ග්‍රෑම් 500ක් ළඟ තබාගෙන සිටී පුද්ගලයෙකු ඌරුබොක්ක පොලිසිය මඟින් පෙරේදා (21) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ වරදකරු බවට පිළිගත් සැකකරුට රුපියල් තිස්දහසක දඩ මුදලක් මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා විසින් නියම කළේය. මෙසේ දඩ මුදල් ගෙවීමට නියම වූයේ දාපනේ, ඕමල්පේ කහ කච්චි පටබැදිගේ ප්‍රේමරත්න යන අයටයි.
ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. පී. ඩබ්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් කොස්තාපල් (78230) ධනුෂ්ක මහතා අධිකරණයට කරුණු දැක්වීය.
මැරීමට තහනම් සතෙකු වන ඉත්තෑ මස් පුද්ගලයෙකු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරකට අනුව ගින්නලිය, බටේහේන්කන්ද ප්‍රදේශයේ දී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ඉත්තෑ මස් කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.