මතුපිටින් අලංකාරත්වය පෙන්වා ඇතුළත ඉතා අපිරිසුදු තත්ත්වයෙන් පවත්වාගෙන ගොස් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අන්දමින් ආහාර නිෂ්පාදනය කර ජරා කෑම පාරිභෝගිකයන්ට කෑමට සැලැස් වූ දිවුලපිටිය, මරඳගහමුල ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකකට සහ බේකරියකට මුද්‍රා තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය පෙරේදා (21) නියම කළේය.
දිවුලපිටිය, මරඳගහමුල නගරයේ පිහිටි හෝටල් දෙකකට සහ බේකරියකට එළඹෙන 29 වැනිදා දක්වා සතියක කාලයක් වසා දැමීමට නියම කෙරුණි.
එම සතිය තුළ හෝටල් දෙක සහ බේකරිය අලුත් වැඩියා කළ යුතු බවට අධිකරණය එම හිමිකරුවන්ට නියම කළේය. එසේ වසා දැමීමට නියම වූ හෝටලයක සහ බේකරියක හිමිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණි.
මුද්‍රා තබා ඇති සතිය තුළ හෝටල් දෙක සහ බේකරිය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට අධිකරණයෙන් වැඩිදුරටත් නියම විය.
දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය, දිවුලපිටිය සහ මරදගහමුල යන ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ලක්මාල් අත්තනායක, ටී සී. වීරසිංහ යන නිලධාරීහු හෝටල් දෙකේ සහ බේකරිෙය් හිමිකරුවන් වෙත අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම මහජන පරීක්ෂකවරුන් තිදෙනාට හෝටල් දෙකට සහ බේකරියට මුද්‍රා තබන ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි.
අපද්‍රව්‍ය අනාරක්ෂිතව හෝටලය තුළ බැහැර කිරීම, අපද්‍රව්‍ය සහිත ජලය බැස යාම සඳහා ක්‍රමවත් කානු පද්ධතික් සකසා නොතිබීම, වෛද්‍ය සහතික සහ ආරක්ෂිත ඇඳුම් සේවකයින් හට නොතිබීම, මුළුතැන්ගෙය තුළ ඇති බිත්තිවල මකුළු දැල් ඉවත් නොකර අපද්‍රව්‍ය මුළුතැන්ගෙය තුළ රඳවා තබා ගැනීම, සේවකයින්ව අපිරිසිදු තත්ත්වයෙන් සේවයේ යෙදවීම සහ බල්ලන් පූසන් වැනි සතුන්ට මුළුතැන් ගේ තුළ රැඳී සිටීමට ඉඩ සැලසීම ඇතුළු චෝදනා 10ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හෝටලයක් සහ බේකරියක් පවත්වාගෙන යන හිමිකරුටත් තවත් හෝටල් හිමිකරුවෙකුටත් ගොනුකර තිබූ චෝදනා විය. නඩුව නැවත ඔක්තෝබර් මස පස්වැනිදාට කැඳවීමට නියම කෙරුණි. එදිනට හෝටල් දෙක සහ බේකරිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වැඩිදුරටත් නියම කෙරුණි.