Saturday, May 10, 2025
Home » අර­ඹෙ­කෙම කැලේ කසිප්පු පෙරා 94,000ක් දඩ කයි

අර­ඹෙ­කෙම කැලේ කසිප්පු පෙරා 94,000ක් දඩ කයි

by Gayan Abeykoon
September 23, 2023 1:20 am 0 comment

සූරියවැව විශේෂ නුවන් ජයසේකර

තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක කලක් තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු නිශ්පාදනාගාරයක් වටලා ගෝඩා, කසිප්පු ස්ප්‍රිතු හා කසිප්පු පෙරීමට යොදා ගන්නා උපකරණ සමඟ පුද්ගලයකු තණමල්විල පොලිසිය ඊයේ (22)අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල අරඹෙකෙම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදුකරගෙන ගොස් ඇත. වැටලීම සිදුකළ අවස්ථාවේ එහි තිබී ගෝඩා මිලි ලීටර් 520,000 ක්, කසිප්පු ස්ප්‍රිතු මිලි ලීටර් 9000 ක් හා කසිප්පු පෙරීමට යොදා ගන්නා උපකරණ කිහිපයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් චූදිතට අදාළ චෝදනා සඳහා රුපියල් 94000 ක දඩ මුදලක් නියම කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT