Saturday, May 10, 2025
Home » මහා පරි­මා­ණ­යෙන් කසිප්පු විකිණූ තිදෙ­නෙක් කොටු

මහා පරි­මා­ණ­යෙන් කසිප්පු විකිණූ තිදෙ­නෙක් කොටු

එක් අය­කුට කසිප්පු නඩුම 25ක්

by Gayan Abeykoon
September 23, 2023 1:14 am 0 comment

ඇළහැර - සරත් වෙලගෙදර

කසිප්පු බොතල් 70ක් ගෝඩා මිලිලීටර් 720.000ක් සමඟ පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචි මහ පරිමාණයෙන් කසිප්පු ජාවාරමේ නිරතවූ පුද්ගලයන් තිදෙ‍ෙනකු අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව කොට්ඨාස දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇත.

පොලොන්නරුව කොට්ඨාස දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමිර මංජුල කුලසිංහ මහතාට ලැබුණු තොරතුරක් අනුව වන අලින් වන සතුන් ගැවසෙන වන රක්ෂිත කැලැවට ඇතුළු වූ වෙස්වලාගත් පොලිස් නිලධාරීන් සැඟවී සිට කසිප්පු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි අන්දමට ගෝඩා බැරල් අඔන්ගඟ ඉවුරේ පාසිවලින් වසා සඟවා තිබුණු බව ද කසිප්පු බොතල් පෙරා අ‍ෙලවි කිරීමට සූදානම් කර තිබූ බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ගෝඩා එක් බැරලයක් තුළ ගෝඩා මිලිලීටර් එක්ලක්ෂ අසූදහසක් කසිප්පු බොතල් 70ක් පමණ තිබී විනාශ කළ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවසීය.

කසිප්පු පෙරීම සඳහා උපයෝගි කරගන්නා තඔ දඟර තුනක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් එක් පුද්ගලයකු කසිප්පු ජාවාරම්කරුවන්ගේ ගෝලයකු බව ද මෙම පුද්ගලයන් කාලයක් තිස්සේ කසිප්පු පෙරා අ‍ෙලවි කරන පුද්ගලයන් බව ද පොලිස් නිලධාරීන් සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකුට නීති විරෝධී මත්පැන් පෙරීම, අ‍ෙලවි කිරීම යන චෝදනා යටතේ නඩු 25ක් පමණ ඇති බව ද පොලිස් නිලධාරියකු පැවසීය. පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පොලොන්නරුව පොලිසියට භාරදුන් පසු පොලිස් ඇප මත මුදාහැර ඇති බවත් නීති විරෝධී මත්පැන් පෙරීමේ චෝදනාව යටතේ සැකකරුවන්ට විරුද්ධව පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරූ බව ද පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT