Saturday, May 10, 2025
Home » නික­වැ­ර­ටියේ සිසුන්ට පහ­ත­රට ශාන්ති­කර්ම ගැන කියා දෙයි

නික­වැ­ර­ටියේ සිසුන්ට පහ­ත­රට ශාන්ති­කර්ම ගැන කියා දෙයි

by Gayan Abeykoon
September 23, 2023 1:19 am 0 comment

නිකවැරටිය ගයන්දි පමෝධා

නිකවැරටිය ප්‍රදේශයේ පාසල්වල මාධ්‍ය විෂය හදාරන පාසල් සිසුන්ට පහතරට ශාන්ති කර්ම පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නිකවැරටියේ දී පැවැත්වුණි.

මෙහිදී සාම්ප්‍රදායික දරු නැළවිල්ල, සලු පාලිය, ගරා යකුම, ගොළු සන්නිය සහ දෙවොල් මඩු බැසීම යන ශාන්ති කර්ම පිළිබඳව මාධ්‍ය සිසුන් දැනුම්වත් කෙරිණි.

නිකවැරටිය ප්‍රදේශයේ පාසැල් සිසුන් 500ක් පමණ ද, නාට්‍ය හා රංගකලාව විෂයභාර ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් නිකවැරටිය බුද්ධි සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී දැනුම්වත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. වෙනුක ලංකාරච්චි මහතා ප්‍රමුඛ මාතර නුවන්, ධරණී කලායතනය විසින් ශාන්ති කර්ම අංග ඉදිරිපත් කරනු ලැබිණි.

මාධ්‍ය විෂයභාර ආචාර්ය ලක්මාල් දිසානායක මහතාගේ සංකල්පය, මූල්‍ය දායකත්වය හා මෙහෙයවීමෙන් නිකවැරටිය ඇක්සස් ආයතනයේ ද සහාය ඇතිව නිකවැරටියේ පාසැල් දරුවන් වෙනුවෙන් ප්‍රථම වතාවට මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT