Saturday, May 10, 2025
Home » කාල­විල නිවෙ­සක කොට­සක් පස් කන්දක් වැටී කුඩු

කාල­විල නිවෙ­සක කොට­සක් පස් කන්දක් වැටී කුඩු

by Gayan Abeykoon
September 23, 2023 1:14 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

අලුත්ගම, කාලවිල ආඬියාගොඩ ප්‍රදේශයේ නි‍ෙවසක් මතට පස් කන්දක් කඩා වැටී නි‍ෙවස පිටුපස කොටස මුළුමණින්ම හානි සිදුවී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරී නීතිඥ තරිඳු වීරසේකර මහතා පැවසීය.

මෙම ප්‍රදේශයේම මීට මාස හයකට පෙර ඇති වූ වර්ෂාවකින් මෙම නි‍ෙවසට යාබද නි‍ෙවස ද මේ ආකාරයෙන් පස් කන්දක් කඩා වැටී හානි සිදු වූ බව ද ඒ මහතා පැවැසීය. මෙසේ හානි සිදුවී ඇත්තේ සමන් ද සිල්වා මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් ජීවත් වූ නි‍ෙවස බව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා සඳහන් කළේය. එම නි‍ෙවසට කඩා වැටුණු පස්කන්ද තිබූ ස්ථානය පිළිබඳ විමර්ශන සිදු කිරීමට ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන් පැමිණීමට ද නියමිතය.

නිවාස හිමිකරු සමන් මහතා සඳහන් කළේ මේ අවස්ථාවේ තමන්ට යම් උපකාරයක් කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඔහුගේ දුරකතන අංකය (076 6942721) අමතන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT