මාතර නගර මධ්‍යයේ නිල්වලා ගං ඉවුර පසුබිම් කර ඉදිකර ඇති ගඟබඩ උද්‍යානයේ පහසුකම් මාතර මහ නගර සභාවට සහ නාගරික සංවර්ධන අධිකාරියට සමාන ලෙස ලාභය බෙදී යන ආකාරයට පෞද්ගලික අංශය වෙත බදු දීමට සහ කළමනාකරණය කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම ගඟබඩ උද්‍යානය කඩිනමින් මහජනතාවට විවෘත කිරිමට පියවර ගෙන තිබේ. මාතර නගර සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මෙම තීරණයන්ට එළඹ ඇත. මෙයට අමතරව මාතර කොටු දොරකඩ ආකර්ෂණීය ලෙස සංරක්ෂණය කොට කොටුව තුළ පිහිටි පැරණි අධිකරණ ගොඩනැඟිලි දෙක, ඉඩම් කාර්යාල ගොඩනැඟිල්ල සහ මාතර කොටුව ක්‍රීඩාංගණය කෞතුකාගාරයක්, අවන්හල් සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් නවීකරණය සහ සංවර්ධනය කොට මාතොට උරුමය පදනම මඟින් කළමනාකරණය කිරීමට සහ මාතොට උරුම නව කෙටුම්පත සකස් කර එළඹෙන පෙබරවාරි මස වන විට මහජනයාට විවෘත කිරීමට ද තීරණය වි තිබේ. තවද අකුරැස්ස නව බස්නැවතුම්පොළ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ආයෝජනයක් මඟින් වර්තමානයේ ඇති ස්ථානයේම නවීකරණය කර ඉහළ මහල්වල වෙළෙඳ සංකීර්ණයක් සමඟ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ක්‍රියත්මක කිරීමට ද තීරණය කොට තිබේ.