260
කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශය වෙත ලද තොරතුරකට අනුව මෙගොඩගම ප්‍රදේශයේ නිවෙසක් පරීක්ෂාවට ලක්කර ඇති පොලිස් නිලධාරීන් එම නිවෙස තුළ අලෙවිය පිණිස සූදානම් කර තිබුණු සීනි කරිඤ්ඤං තොගයක් සමඟ එක් සැකකරුවෙක් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම සිදු කර සොයාගත් සීනි කරිඤ්ඤං ප්‍රමාණය මිලි ලීටර් 9000ක් පමණ වන බව ද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ලබන 26 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.සෙනෙවිරත්න, උ.පො.ප.විජේසිංහ, පො.කො. (74189) කුලතුංග ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.