284
ඇතිමලේ වැවිලි සමාගමට අයත් කරඹගොඩ ප්රදේශයේ උක් වගාව අලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ විදුලිවැට සඳහා විදුලිය ලබා දීමට සවිකර තිබූ බැටරියක් ඉකුත් 21 වෙනිදා සොරාගෙන ගොස් ඇතැයි මහකළුගොල්ල පොලිසිය පවසා ඇත. මෙම බැටරියේ වටිනාකම රුපියල් අසූදහසක් පමණ වේ. මේ සම්බන්ධයෙන් මහකළුගොල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.