Tuesday, May 6, 2025
Home » මාතලේ බර්නාඩ් අලු­වි­හාරේ ක්‍රීඩාං­ග­ණයේ සංව­ර්ධ­නය ඇරැ­ඹෙයි

මාතලේ බර්නාඩ් අලු­වි­හාරේ ක්‍රීඩාං­ග­ණයේ සංව­ර්ධ­නය ඇරැ­ඹෙයි

by Gayan Abeykoon
September 23, 2023 1:00 am 0 comment

මාතලේ මහේෂ් රුවන්

වසර ගණනාවක් තිස්සේ වැඩ අතරමග නවතා තිබූ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදි සංවර්ධන කටයුතු කඩිනම්ව මේ වන විට සිදු වන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

පසුගිය කාලයේදි බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු සිදු කළත් එය විධිමත් ආකාරයෙන් සිදු නොවු බවත් තමාගේ මැදිහත්වීම මත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදු කළ විශේෂ ඉල්ලිමක් අනුව රුපියල් ලක්ෂ 530ක මුදලක් මේ වන විට ලබා දී ඇති බවත් ඒ අනුව ක්‍රීඩාංගණය සියලු ක්‍රීඩාවන් සිදු කළ හැකි ආකාරයට නවීකරණය කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.

ඉකුත්දා බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT