513
DSI ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග හෙට සහ අනිද්දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පෙ.ව. 8 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම තරගාවලියේ අවු. 19 න් පහළ පිරිමි අවසන් තරගය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සහභාගී වේ. 19 න් පහළ පිරිමි අවසන් තරගය දවිසමර මහා විදුහල හා රුවන්වැල්ල රාජසිංහ විදුහල අතරත්, එහි බාලිකා තරගය කිරිදිවැල සංඝමිත්තා හා ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල අතරත් පැවැත්වේ.