558
සිංගප්පූරුවේ පැවැත්වෙන නේෂන් කප් නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද තෝරා පත්කර ගත්තේය. නායකත්වය හිටපු උප නායිකා දුලංගි වන්නිතිලකට හිමිව ඇති අතර, නවකයින් කිහිප දෙනකුට ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ඉඩ විවර විය. ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතියට ඉදිරිපත් කළ නව ජාතික නෙට්බෝල් කණ්ඩායම මෙසේය.
දුලංගි වන්නිතිලක(නායිකා), ගයංජලි අමරවංශ, ගයනි දිසානායක, සෙමිනි අල්විස්, රෂ්මි පෙරේරා, භාෂිනි ද සිල්වා, ඉමාෂා පෙරේරා, සුසිමා බණ්ඩාර, සචිනි රොද්‍රිගු, රුක්ෂලා හපුආරච්චි, හංසිමා දිසානායක, චලනි නීෂා, අතිරේක ක්‍රීඩිකාවන් – ශානිකා පෙරේරා, රෂ්මි ඔබේසේකර, ගයත්‍රි කෞෂල්‍යයා