Home » ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

by chanaka
September 24, 2023 3:21 pm 0 comment

කියුබාවේ හා අමෙරිකාවේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස කටුනායක ගුවන්තොටුපල වෙත අද(24) පෙරවරු 08.30 ට පමණ පැමිණ තිබේ.

පසුගිය 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර පැවති ජී 77 රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා එක් විය.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවට එක් විය.

එම සැසිවාරයට එක්වීමෙන් අනතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ද හමු වුණි. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා මිත්‍රශීලීව පිළිගත් අමෙරිකා ජනාධිපතිවරයා සුහද කතා බහක ද නිරත විය.

මේ අතර ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙන්ම තවත් ඉහළ පෙලේ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කියුබා හා ඇමෙරිකා සංචාර දෙක අතර තුර කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT