Home » රාජ්‍ය ඇමති ඩී.වී චානකගේ මාමණ්ඩියට වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය නොවෙයි

රාජ්‍ය ඇමති ඩී.වී චානකගේ මාමණ්ඩියට වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය නොවෙයි

by chanaka
September 24, 2023 3:07 pm 0 comment

ගාල්ල ඩික්සන් පාර ප්‍රදේශයේ දී ඊයේ(23) රාත්‍රියේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සිදු කළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ මාමණ්ඩිය බව සදහන් වේ.

යතුරු පැදියකින් පැමිණී පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාපාරිකයෙකු වූ ඩී.වී චානක මහතාගේ මාමණ්ඩිය වන 61ක් හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාට මෙසේ වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.

ඔහු ගමන්ගත් මෝටර් රථය පසුපස හඹා ආ සැකකරුවන් දෙදෙනා මෙසේ වෙඩි තබා පලාගොස් ඇත.

මෝටර් රථයට වෙඩි ප්‍රහාර 10 ක් එල්ල කර ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ලලිත් ප්‍රසන්න මහතා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළුත් කිරීමට කටයුතු කර තිබුණද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තාවේ.

මෙම ඝාතනයට හේතුව පැහැදිලිවම අනාවරණය වී නැති බව ගාල්ල පොලීසිය කියයි. සැකකරුවන් සොයා මේ වන විටත් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT