Wednesday, May 14, 2025
Home » කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හා අඩු ආදායම්ලාභීන්ට නව නිවාස ලබා දීමට ගිවිසුමක්

කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හා අඩු ආදායම්ලාභීන්ට නව නිවාස ලබා දීමට ගිවිසුමක්

by chanaka
September 24, 2023 3:23 pm 0 comment

අඩු ආදායම්ලාභීන්ට හා කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදළ ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පවසන්නේ ලබන මාසයේදී චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන “සහයෝගීතාවය සඳහා වන මාර්ග මුල පිරීම” (BRI) සමුළුව අතරතුරදී ගිවිසුම් අත්සන් කිරීම සිදුවන බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම නිවාස 1996න් නිවාස ඒකක 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා වෙන්කෙරේ. එම නිවාස කොට්ටාව පළතුරු වත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1888ක් වෙන් කරන බවද හෙතෙම පවසයි.

මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීන රජය විසින් මෙරටට යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදේ.

මෙහිදී මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන බදු මුදල්, ඉඩම් අත්පත් කර ගැනීමට වැයවන පිරිවැය, ඉඩම් සංවර්ධනයට වැයවන පිරිවැය නිර්මාණ කටයුතු සහ මූලික මිල ගණන් පත් සැකසීම සඳහා පිරිවැය, ටෙන්ඩර් කටයුතු සඳහා පිරිවැය සහ අපරව්‍යුහ පහසුකම් සඳහා වැයවන පිරිවැය දැරීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබයි.

මීට අදාළ හුවමාරු ලිපියට චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා අත්සන් තබා තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය තුලින් අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන්ගේ ජනාවාස ප්‍රශ්නය සඳහා ස්ථීර විසඳුමක් ලැබෙනු ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT