518
ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර Flashback සංගීත කණ්ඩායම අනතුරකට මුහුණ දී තිබේ.
ඒ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුර දී වේදිකාවේ පිටුපස තිබූ විශාල ප්‍රමාණයේ ඩිජිටල් තිරය කඩා වැටීමෙනි.
ජනප්‍රිය ගායන ශිල්පිනි රයිනි චාරුකා මහත්මිය විසින් එම අවස්ථාවේ ගීත ගායනා කරමින් සිට තිබූ අතර ඇයට ඉන් කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තාවේ.
කෙසේ වෙතත් අනතුරෙන් Flashback සංගීත කණ්ඩායමේ කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව ෆ්ලෑශ් බෑක් සංගීත කණ්ඩායමේ නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබේ.