388
දඹුල්ල – කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්රදේශයේදී අද (24) උදෑසන ත්රිරෝද රථයක් පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 35 සහ 59 යන වයස්වල පසුවූ ආරච්චිකට්ටුව ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
ඔවුන්ගේ සිරුරු ගලේවෙල රෝහලේ තැන්පත් කර තිබේ.
ත්රිරෝද රථයේ රියදුරුට රිය පදවන අතරතුර නින්ද යාම හේතුවෙන් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .