එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආයෝජන අවස්ථා ඉදිරිපත් කිරීමේ උත්සවයේ දී, කොළඹ වරාය නගරය තුළ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ගෝලීය ආයෝජකයින් දැනුවත් කිරීමට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා සූදානම්ව සිටී.
ගෝලීය ආයෝජකයින් වෙත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ පවතින ආයෝජන අවස්ථා හඳුන්වා දීම සහ ඔවුන් ආයෝජන සඳහා දිරිගැන්වීම අරමුණු කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අවස්ථා පිළිබඳ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර, එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දු – පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කාර්යභාරය පිළිබඳව මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන සැසියක් ඇමතීමට නියමිත බව වාර්තා වෙයි.
මහින්ද අලුත්ගෙදර