331
මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභික හා හිටපු භාණ්ඩාගාරික සේන සිරිමාන්න මහතා අභාවප්‍රාප්ත විය.
1983 මහරගම අතුරු මැතිවරණයේදී වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහාය දක්වමින් මහජන එක්සත් පෙරමුණෙන් ක්‍රියාකාරී දේශපාලනයට එක්වූ ඔහු ප්‍රගතිශීලි කඳවුරේ ජයග්‍රහණ උදෙසා හතළිස් වසරක් පුරා කැපවිය.
මධ්‍ය විද්‍යාල සංගමයේ සක්‍රීයව තනතුරු දැරූ ඔහු ප්‍රවීණ ක්‍රීඩා විනිසුරුවරයෙකි.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද(25) පස්වරු 4.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.