තවත් වසර 150කින් පමණ පසු පෘථිවියේ ගැටීමට ඉඩ ඇතැයි ලෝක විද්‍යාඥයන් අනුමාන කර ඇති ‘බෙන්නු’ නමැති ග්‍රාහකයෙන් දුහුවිලි සහ පස් එකතු කිරීමට මීට අවුරුදු 7කට පෙර නාසා ආයතනය අභ්‍යවකාශයට යැවූ ‘ඔසිරිස්-රෙක්ස්’ ගවේෂණ යානයේ කැප්සියුලය ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.12ට අමෙරිකාවේ බටහිරින් පිහිටි යූටා ප්‍රාන්තයේ හමුදා පර්යේෂණ සිදු කෙරෙන කාන්තාර භූමියකට පතිත වීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තත්පරයට කි.මී. 12ක් වැනි අධික වේගයෙන් පෘථිවියට පතිත වීමට නියමිත බැවින් මේ ගවේෂණ කැප්සියුලය නාසා ආයතනයට අනුව පෘථිවියට ඇදී ඒමට නියමිතව තිබුණේ ගිනි දල්ලක් වැනි ස්වරූපයකිනි.
වසර බිලියන දෙකක් තරම් පැරණි බවට නිගමනය කර ඇති බෙන්නු ග්‍රාහකයෙන් දුහුවිලි සහ පස් සාම්පල එකතු කරගැනීමට ඔසිරිස්-රෙක්ස් ගවේෂණ යානයට ගත් වී ඇත්තේ සුළු කාලයක් පමණි. මෙතරම් කාලයක් වැය වී ඇත්තේ බෙන්නු වෙත යෑමට සහ ඒමටය. සාම්පල එකතු කරගත් ගවේෂණ යානය යළි පෘථිවිය බලා පැමිණීමට ආපසු හැරුණේ මීට වසර දෙකහමාරකට පෙරය. බෙන්නු වෙත යෑමටද එතරම් කාලයක් හෝ ඊට වැඩි කාලයක් ගත වන්නට ඇත.
මීටර් 500ක් තරම් පළලින් යුතු මේ අනතුරුදායක ග්‍රාහකය ගැන නාසා ආයතනය මුලින්ම සොයාගත්තේ 1999 වසරේදීය. බෙන්නු ග්‍රාහකයා ගැන නාසා ආයතනයේ මෙන්ම ලෝක විද්‍යාඥයන්ද දැඩි අවධානය යොමු කර තිබුණේ එය වසර 6කට වතාවක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන බව පර්යේෂණ මඟින් තහවුරු වීමෙන් පසුවය. ඇස්තමේන්තුවට අනුව බෙන්නු පෘථිවියේ ගැටීම සිදු විය හැකි අවස්ථාවක් එළඹෙන්නේ 2175 වසරේදී පමණය. එය 2175 සහ 2199 අතර කාලසීමාවක කිනම් මොහොතක හෝ පෘථිවියේ ගැටෙනු ඇතැයිද විද්‍යාඥයන් අනාවැකි පළ කර ඇත්තේ අධික වේගයෙන් භ්‍රමණය වන මේ අනතුරුදායක ග්‍රාහකය පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථා නිරීක්ෂණය කිරීමෙන් පසුව සිදු කරනු ලැබූ ගණන් බැලීම අනුවය. එහෙත් බෙන්නු ග්‍රාහකයට පෘථිවියට බලපෑම් කිරීමට හැකි අවස්ථාව 1-2700ක් තරම් අවම මට්ටමක ඇති බැවින් මෙතෙක් පළ වී ඇත්තේ අනුමාන කිරීම් පමණි. එසේ වූ පමණින්ම බෙන්නු ගැන සුළුවෙන් නොතැකීමටත් නාසා ආයතනය ඇතුළු ලෝක විද්‍යාඥයන් අදිටන් කරගෙන සිටින බවද වාර්තා වේ.
ෆවුස් මොහොමඩ්