Home » සෙන්ගමුව රක්ෂිතයේ දැවැන්ත වන විනාශයක්

සෙන්ගමුව රක්ෂිතයේ දැවැන්ත වන විනාශයක්

-ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ ලේඛකාධිකාරී බලංගොඩ කස්සප හිමි

by sachintha
September 25, 2023 1:22 am 0 comment

පොතුවිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකුගේ මෙහෙයවීම මත පුරාවිද්‍යා වටිනාකමක් සහිත සෙන්ගමුව රක්ෂිත වනාන්තරයේ දැවැන්ත වන විනාශයක් මේ වන විට සිදු වෙමින් තිබෙන බවත්, උතුරු නැඟෙනහිර නීතිය නිහඬ බවත්, දකුණේ මෙවන් දෙයක් සිදු කළේ නම් මේ වන විට බොහෝ දෙනෙක් සිරගත කර ඇති බවත් ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ ලේඛකාධිකාරී බලංගොඩ කස්සප හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මෙසේ පැවැසුවේ ඉකුත්දා (23) පොතුවිල් විහාරස්ථානයේ ආරාධනයෙන් පොතුවිල් සෙන්ගමුව වනාන්තරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ මෙලෙස ද කීහ.

“සෙන්ගමුව රජයේ වනයට අයිති බොහෝ භූමි භාගයන් මේ වන විට ශීඝ්‍ර ලෙස කපා දමමින් වන විනාශය සිදු කරනවා. පුරාවිද්‍යා වටිනාකමක් ඇති අක්කර අටක පමණ භූමියක් මේ වන විට එළි පෙහෙළි කර ගල් ගලවා දමා තිබෙනවා. ඇතැම් ගල් කලපුවට විසි කර තිබෙනවා. මේ වනයේ දැවැන්ත වන විනාශයක් සිදු කරමින් ගස් කපා ගිනි තබා විනාශ කරන අයුරුත් දක්‍නට ලැබුණා. ඇතැම් නිවාස ස්ථිරව සකස් කර තිබෙනවා. පුදුමය නම් එම ඉඩම්වල කිසිවකු පදිංචිව නොසිටීමයි. මේ පසුපස පොතුවිල් නියෝජනය කරන පාර්ලිමේන්තුවරයකු සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු සිටිනවා. මෙහි ප්‍රාදේශීය ලේකම් කූට ලෙස බලපත්‍ර සකස් කර ඇති බව 2021.03.31 දින වාර්තාවකින් ඉදිරිපත් කළත් වග කිවයුත්තන් තවමත් ඒ සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.”

කේ. ඒ. සුනිල් – කුරුවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT