සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධරයකු සහ සමාජ සේවා මාණ්ඩලික නිලධරයකු ලෙසද සේවය කර විශ්‍රාම ලැබූ පන්නිපිටිය ශ්‍රී රාහුල විහාරස්ථානාධිපති වරාපිටියේ රාහුල හිමි තම ශාසනික හා වෘත්තීය අත්දැකීම් අනුසාරයෙන් ලියූ ‘උතුරුකරේ නිල නොලත් දිසාපති හාමුදුරුවන්ගේ සත්‍ය කතාව’ හෙට (26) හවස 2.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.
මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ රාහුල හිමි වව්නියාවේ සේවය කරන සමයේ එහි දිසාපතිනිය ලෙස සේවය කළ කීර්තිමත් පරිපාලන නිලධාරිනියක වූ, වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියයි. සසුන් දිවියේ මෙන්ම රාජ්‍ය සේවයේද විප්ලවීය වෙනසක් වෙනුවෙන් සටන් කරමින් මහජන සේවයට ඇපකැප වූ වරාපිටියේ රාහුල හිමියෝ ගුරු වෘත්තියෙන් එපිට රාජ්‍ය සේවයට ප්‍රවේශ වූ ලංකාවේ ප්‍රථම හා එකම භික්ෂූන් වහන්සේ ලෙස සටන්කාමි අත්දැකීම් රැසකට උරුමකම් කියති.