රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ බිරිඳගේ පියා වන ලලිත් වසන්ත මෙන්ඩිස් (61) මහතාට පෙරේදා (23) රාත්‍රී කාලයේදී ගාල්ල චීන කොරටුව පහළ ඩික්සන් පාරේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කණ්ඩායම් 04ක් ක්‍රියාත්මකය. ගාල්ල විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයත්, ගාල්ල පොලිසියේ කණ්ඩායමක් සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කණ්ඩායම් දෙකක් වශයෙන් එම විමර්ශන කණ්ඩායම් ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේය.
ගාල්ල වුඩ්වත් මාවතේ පදිංචිව සිටින ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ගාල්ලේ පිහිටි ඔහුට අයත් නිමි ඇඳුම් ව්‍යාපාරික ස්ථානය වසා දමා SP KR-8128 අංකය දරන ජීප් රථයෙන් නිෙවස බලා ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් මෙම ජීප් රථය හඹාගෙන පැමිණි දෙදෙනෙක් විසින් ටී 56 අවියකින් වෙඩි වරුසාවක් එල්ලකර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි. එම ස්ථානයේ බිම තිබී ටී 56 හිස් පතරොම් කොපු 22ක් හමුවූ බව පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාර හමුවේ ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය කියයි. එහෙත් ප්‍රදේශවාසීන් ඔහුව ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යමින් ජීවිතය බේරා ගැනීමට උත්සාහයක්ද ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම ඝාතනයේ අරමුණ පැහැදිලි නැතත් ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායි සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ ප්‍රබලයෙකු වන කොස්ගොඩ සුජී බවට තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ. ඔහු විසින් මෙම ඝාතනය සිදු කරනු ලැබුවේ ඇයිදැයි සොයා විමර්ශන පවත්වන බවත් වෙඩික්කරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ, ගල්ල – එස්. දියගහගේ, ගාල්ල උතුර සමූහ හා ඉමදුව සමූහ