රථ වාහන ආනයන සීමා හැර දැනට පනවා ඇති අන් සියලුම ආනයන සීමා කිරීම් ලබන මාසයේ දී අහෝසි කරන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අසීරුතා හමුවේ ආනයන සීමා තාවකාලිකව පනවමින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට රජය ක්‍රියා කළ බව සිහිපත් කළ රාජ්‍ය ඇමැතිවරයා, දැනට ආනයන සීමා කිරීම් එච්.එස්. කෝඩ් 600ක භාණ්ඩ සඳහා පනවා ඇතැයි කීය.
මින් එච්.එස්. කෝඩ් 270කට ආසන්න ප්‍රමාණයක් රථ වාහන සම්බන්ධ ආනයන කිරීම් සම්බන්ධව බැඳී පවතියි. ලබන මාසයේදී එම සීමා කිරීම් හැර අන් සියල්ල අහෝසි කිරීමට රජය කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. රජයේ නව බදු ප්‍රතිපත්තිය IMF මූල්‍ය පහසුකම ලබා ගැනීමේ වැඩපිළිවෙළ, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සහ ආර්ථික අස්ථායිකරණයක් ඇති කර ගැනීම පිළිබඳ වූ ක්‍රියාමාර්ග පිළිබඳව විද්වතුන්, වෘත්තිකයන් හා මහජනතාව දැනුම්වත් කිරීමේ සමුළුවක් අමතා අදහස් දක්වමින් සේමසිංහ මහතා මේ බව කීය.
අනුරාධපුරයේ දී ඉකුත් දා පැවැති මෙම සමුළුවට ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, නියෝජනය කරමින් උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (රාජ්‍ය ආදායම්) එම්.ජේ. ගුණසිරි, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්වරු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සමඟ සමුළුවට එක්ව සිටි අයුරුයි මේ.
ජයසිරි මුණසිංහ